තායිලන්තයේ භූ කම්පනයෙන් ශ්‍රි ලාංකිකයින්ට අනතුරක් නෑ

තායිලන්තයේ ඊයේ දිනයේදී සිදුවූ භූ කම්පනයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් සිදුව නොමැති බව තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

භූ කම්පනය නිසා කිසියම් ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් සිදුව තිබේනම් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට බැංකොක් නුවර පිහිටි තානාපති කාර්යාලය සූදානමින් සිටී. මේ වන විට තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබදව තානාපති කාර්යාලය සුරික්ෂාකාරීව සිටින අතර අවශ්‍ය තොරතුරක් වෙතොත් තානාපති කාර්යාලයේ 0066 812498011 අංකයෙන් විමසිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *