ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා තවත් පිරිසක් පිටත්ව යයි

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 13 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, අද දින (21) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 4 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රෙයේ පුහුණුලාභී තරුණයින් 09 දෙනෙකු අයත්වේ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් වශයෙන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 560ට අධික පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවති.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස් යාපා මහතා, ජ්යෙ‍ෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි මහතා සහ IM Japan ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයන්ද එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *