ඇමරිකානු වීසා ලබාගැනීම සදහා පහසු ක්රමවේදයක්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පසුගිය අගහරුවාදා නිවේදනය කර තිබේ.
ඒ අනුව ඩොලර් මිලියන පහක මුදලක් ඇති පුද්ගලයෙක්ට ගොල්ඩ් කාඩ් නමින් නව කාඩ් පතක් හදුන්වාදීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
මේ වන විට ග්රීන් කාඩ් ක්රමය ඇමරිකාවට පැමිණිම සදහා ක්රියාත්මක වන අතර මෙම නව කාඩ්පත ගෝලඩ් කාඩ් නමින් හදුන්වා තිබේ. ඒ අනුව ගෝල්ඩ් කාඩ් පතක් ඩොලර් මිලියන පහකට මිලදී ගන්නා අයෙක්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව තිබෙන ග්රීන් කාඩ් පත් හිමියෙක්ට හිමිවන සියලුම වරප්රසාද හිමිවේ.
ඒ අනුව මුදල් ඇති පුද්ගලයින්ට ඇමරිකාවට පැමිණ පදිංචිවීමේ අවස්ථාව මේ මගින් හදුන්වා දී ඇත.
මෙම ගෝලඩ් කාඩ්පත ලෝකයේ ඕනෑම රටක අයෙක්ට විවෘත කිරීමටද ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී.