ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සදහා තවත් 35ක් පිටත්ව යයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් තිස් දෙනෙක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට ගුවන් ටිකට්පත් ලබාගෙන තිබේ.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ඊ265 සහ ඊ267 යන කණ්ඩායම් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ විසින් සිදු කර තිබේ.

මෙම පිරිසත් සමගින් 2025 වර්ෂයේදී ඊශායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 1409 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

ඊශ්‍රායලයේ රැකියා සඳහා විවිධ පුද්ගලයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටී.

ඊශ්‍රායල රැකියා වැඩසටහන පිළිබඳව කාර්යාංශ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් ද කාර්යාංශ ක්ෂණික දුරකථන අංකය වන 1989 අංකය ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *