දශකයක අභිමානය සහිතව අතරමැදියන් නොමැතිව, සෘජුවම විශ්වසනීය විදේශ රැකියා අවස්ථා ලබාදෙන අභිමාන් විදේශ රැකියා ආයතනය කෙටි කාලයක් තුළ දහස් ගණනකගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරනු ලැබුවේය.
2015 අගෝස්තු මාසයේදී අභිමාන් විදේශ රැකියා ආයතනය ආරම්භ කරනු ලැබුවේ උප ඒජන්තයින් නොමැතිව සෘජුවම විදේශ ගතවන ශ්‍රමිකයා සමග සම්බන්ධවෙමින් රැකියා අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමටය.

කුවේටයේ ඇමරිකානු මූලස්ථානයේ රැකියා අවස්ථාවන් සදහා පිරිමි ශ්‍රමිකයින් සදහා රැකියා අවස්ථා ලබාදෙමින් ආරම්භ කළ අභිමාන් විදේශ රැකියා ආයතනය වඩා සුරක්ෂිත සේවා ස්ථාන වෙත ගෘහ සේවිකා රැකියා සදහා කාන්තා ශ්‍රමිකයින් යොමු කිරීම ආරම්භ කළේය. ඉහළ වැටුපක් සහ සුරක්ෂිත සේවා ස්ථානයක් එහිදී අවධානයට ලක්වූ මූලික කරුණ විය.
කොවිඩ් අර්බුදය ලෝකයේම ආර්ථිකය පිටුපසට තැබුවා පමණක් නොව ශ්‍රම සංක්රමණයේදීත් නොයෙක් බාධා ඇති කළේය. මෙම බාධාවන්ට සාර්ථකව මුහුණ දුන් අභිමාන් විදේශ රැකියා ආයතනය ඩුබායි රාජ්‍යය සදහා ශ්‍රමිකයින් විශාල පිරිසක් යොමු කළේය.
මැදපෙරදිග කලාපයෙන් පිටත, යුරෝපා රටවල රැකියා ඇබෑර්තු ශ්‍රී ලාංකික ශ්‍රම වෙළද පොළට විවෘත කිරීමට කටයුතු කළ අභිමාන් විදේශ රැකියා ආයතනය සර්බියාව, ඇල්බේනියාව, රුමේනියාව වැනි රටවල කාන්තා පිරිමි දෙපාර්ශවයමට ඉහළ ආදායම් ලබාගත හැකි රැකියා අවස්ථා ගෙන ආවේය. ඒ කුවේට්, ඩුබායින, ඕමාන්, කටාර්, බහරේන් වැනි රටවල රැකියා අවස්ථාවන් ලබාදෙන අතරවාරයේදීය.

විදේශ රැකියා අවස්ථාවක් සොයාගෙන පැමිණෙන සෑම අයෙක්ම “රට පැටවීමේ” සංකල්පයෙන් තොර අභිමාන් විදේශ රැකියා නියෝජිත ආයතනය රැකියා සදහා යොමු කරන්නේ ඊට සුදුසුකම් ඇති ශ්‍රමිකයින් පමණි. එසේ නොමැතිව රැකියාවට නුසුදුසු ශ්‍රමිකයා අපහසුතාවයටත් පීඩාවටත් පත් කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කරන්නේ නැත.
හොමද විදේශ රැකියා අවස්ථාව, හොදම ශ්‍රමිකයාට ලබාදෙමින් දශකයක කාලයක් තිස්සේ තමන්ගේ අභිමානය විදහා දැක්වූ අභිමාන් විදේශ රැකියා නියෝජිත ආයතනය අඩුම කාලයකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තරු තුනේ සම්මානය තමන් සතුකරගත්තේය. පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේ හොදම සහ විශ්වසනීය විදේශ රැකියා නියෝජිත ආයතනය ලෙස සම්මානයද පසුගියදා දිනා ගත්තේය.
