ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් එකට එක් කරන ශ්‍රී ලංකා දිනය නොවැම්බර් 19 වැනිදා ටෙල්අවිව්හි ඊශ්‍රායල් එක්ස්පෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ඉස්රාෆුඩ් හිදී පැවැත්වීමට නියමිත බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
මේ සදහා සහභාගී වන ලෙසට ඒ සම්බන්ධයෙන් උන්දුවක් දක්වන පුද්ගලයින්ට හා සමාගම්වලට තානාපතිවරයා ආරාධනා කර සිටී.
මෙය ලංකාවේ අපනයන සදහා ශක්තියක් ලබාදෙනු ඇති බවද නිමල් බණ්ඩාර වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.