ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව සංවිධානය කළ ටෙල්අවිව් බක්මහ උළෙල අද දිනයේදී පැවැත්විණි.
දෙදහසකට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් ටෙල් අවිව් නුවර ලූනර් පාර්ක් ක්‍රිදන්ගනයේදී මෙය ආරම්භ විය.
සම්ප්‍රදායක ජනක්‍රීඩා, උඩරට නර්තන ප්‍රසංගයන් හා අළුත් අවුරුදු විශේෂාංග රැසකින් යුත් මෙම බක්මහ උළෙලේ ආරම්භය වෙනුවෙන් ඊශ්‍රායලයේ සිටින නේපාල, මියන්මාර් හා ශ්‍රී ලංකා තානාපතිවරුන් මෙන්ම බොහෝ ඊශ්‍රායිල් ජාතිකයන් ද එක්වී සිටියහ.
ටෙල්අවිව් බක්මහ උළෙල වර්ණවත් කිරීමට ප්‍රවීන රංගන ශිල්පීන් වන මහින්ද පතිරගේ මහතා හා එරික් වීරවර්ධන දෙපල ද පැමිණ සිටියේය.