සකුරා මල් පිපෙන කාලය එනම් “මල් නැරඹීම” යන අර්ථය ඇති හනමි යනු ජපන් සම්ප්‍රදායක් වන අතර එහිදී වසන්තයේ දී චෙරි මල් (සකුරා) සහ ප්ලම් මල් (උමේ) වල සුන්දරත්වය නරඹමින් විනෝද වීමට මිනිසුන් එක්රැස් වේ. ජපන් භාෂාවෙන් おはなみ/お花見 (ඔහනමි) ලෙසද හඳුන්වන හනමි, ගස්වල පිපෙන චෙරි මල්වල සුන්දරත්වය අගය කරන පුරාණ ජපන් උත්සවයකි. හනමි හි “හන” යන්නෙන් අදහස් කරන්නේ මලයි.
හන ー> はな ー>花
හනමි හි “මි” යන්නෙන් අදහස් කරන්නේ දැකීම හෝ මෙම අවස්ථාවේදී නැරඹීම යන්නයි.
මි ー>みー>見
“ ඔ” (お) ඇතුළත් කර ඇත්තේ මන්දැයි ඔබ කල්පනා කරන්නේ නම් එය එම සිදුවීමට ගෞරවයක් ලෙස එකතු කරනු ලබන්නකි. සාමාන්‍යයෙන් මාර්තු අග සිට මැයි මුල දක්වා සකුරා මල් හට ගැනීම සිදු වේ. මෙම හනමි උත්සවයට බොහෝ විට විනෝද චාරිකා, සාද සහ මල් වල අස්ථිර සුන්දරත්වය භුක්ති විඳීම ඇතුළත් වේ. හනමි යනු සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායක් වන අතර එහිදී මිනිසුන් වසන්තයේ පැමිණීම සහ චෙරි මල් වල නොවරදින සුන්දරත්වය සමරති.
හනමි ආරම්භ වූයේ ක්‍රි.පූ. 710 සිට ක්‍රි.පූ. 794 දක්වා පැවති නාරා යුගයේ බව කියනු ලැබේ. නමුත් මෙම කාලය තුළ ඔවුන් චෙරි මල් වලට වඩා උමේ මල් අගය කර ඇත. උමේ යනු ජපන් භාෂාවෙන් ප්ලම් යන්නයි. එය වංශාධිපතියන් සහ උසස් තත්ත්වයේ අය සඳහා පමණක් සීමා වී තිබු උත්සවයකි. නමුත් කාලය ගෙවී යත්ම, එය පහළ පන්තියේ පුරවැසියන් අතර වඩාත් ජනප්‍රිය වූ අතර, අවධානය ක්‍රමයෙන් උමේ මල් (ප්ලම් මල්) සිට සකුරා මල් (චෙරි මල්) වෙත යොමු විය. චෙරි මල් සමය කලාප අනුව වෙනස් වන අතර, ඔකිනාවා වැනි දකුණු කෙළවරේ ප්‍රදේශ වල ජනවාරි අග වන විට මල් පිපෙන අතර හොක්කයිඩෝ වැනි උතුරු කෙළවරේ ප්‍රදේශ වල මැයි මුලදී ඒවා හටගනී.
මෙම සකුරා පිපෙන කාලයේ දී ජනතාව උද්‍යානවල, ගං ඉවුරු දිගේ සහ පන්සල් සහ සිද්ධස්ථාන අසල රැස් වී, පැදුරු අතුරා, ආහාර පාන බෙදා ගනිමින් සකුරා මල්හි සුන්දරතවය භුක්ති විදී. මෙම චෙරි මල් ජීවිතයේ අනිත්‍යතාවය සහ සොබාදහමේ සුන්දරත්වය සංකේතවත් කරයි. හනමි උත්සව පවත්වන ජනප්‍රිය ස්ථාන කිහිපයක් අතර ටෝකියෝවේ උඑනෝ පාර්ක් සහ යොයෝගි පාර්ක්, කියෝතෝවේ අරෂියාමා සහ කිංකකු-ජි සහ ඔසාකාහි සකුරානෝමියා ඇතුළත් වේ.
ජපන් ජාතිකයන් හනාමි සම්ප්‍රදාය නොනවත්වාම සිදු කරගෙන යන අතර, මල් පිපෙන ගස් ඇති ඕනෑම ස්ථානයක විශාල වශයෙන් රැස්වීම සිදු කරයි. මල් පිපෙන ගස් යට සාද පැවැත්වීමට දහස් ගණනක් ජනයා උද්‍යානවලට රැස් වේ. මෙම සාද රාත්‍රිය වන තුරුම පැවැත්වේ. ජපානයේ අඩකට වඩා වැඩි ප්‍රදේශවල චෙරි මල් පිපෙන අතර සාමාන්‍යයෙන්, මිනිසුන් උද්‍යානවලට යන්නේ මිතුරන්, පවුලේ අය සහ සමාගමේ සගයන් සමඟය. ටෝකියෝ වැනි නගරවල, රාත්‍රියේ සකුරා මල් වියන් යට සැමරුම් පැවැත්වීම ද සාමාන්‍ය දෙයකි. රාත්‍රියේ හනාමි “යොසාකුරා” (夜桜, “රාත්‍රී සකුරා”) ලෙස හැඳින්වේ. උඑනෝ උද්‍යානය වැනි බොහෝ ස්ථානවල, යොසාකුරා පැවැත්වීම සඳහා තාවකාලික කඩදාසි පහන් එල්ලා තිබේ.
වර්තමානයේ, ස්වදේශිකයන් සහ සංචාරකයින් මිලියන 60 ක් පමණ මෙම මල් පිපීම නැරඹීම සඳහා ජපානයට පැමිණෙති. මෙම සම්ප්‍රදාය වසර ගණනාවක සිටම නරඹන්නන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත. දෙස් විදෙස් ආකර්ෂණයට ලක් ව ඇති මෙම හනමි උත්සවය ජපන් ජාතිකයන් සෑම වර්ෂයකදී ම ඉමහත් විනෝදයෙන් ගත කරන කාල වකවානුවක් ලෙස හඳුනාගත හැකිය.
Yayoi asukayama hanami by Shigemasa Kitao (1739-1820)