මාසයක් ඇතුළත ඉල්ලූ පාස් පෝට් සියල්ල නිකුත් කිරීමට සූදානමක් – ඇමැතිවරයාගෙනුත් සහතිකයක්

අයදුම් කර ඇති සියලුම පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබේ.

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කරල එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ ආනන්ද විජේපාල සදහන් කර සිටී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ඇමැතිවරයා මේ බව දැනුම්දී ඇත.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු, ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල වල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *