විසිට් වීසා වලින් බහරේන් රැකියා බෑ

සංචාරක වීසා මගින් බහරේනට පැමිණ අනුග්‍රාහකයෙක් නොමැතිව රැකියා වීසා බවට පත් කරගැනීම නතර කර තිබෙන බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් මත එය රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් අනුග්‍රහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති අතර ඒ අනුව මිට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබේ.

මිට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබිණි.

ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ.
ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකුල අනුග්‍රහකයෙකු නොමැතිව බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *