ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා ලංකාවෙන් 103ක්

ඊශ්‍රායලයේ හෝටල් සහායක සේවා සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව විවෘත වී තිබේ.

ඒ අනුව 103 දෙනෙකුගේ යුත් කණ්ඩායමකට මෙම අවස්ථාව මේ වන විට ලැබී ඇත. පළමු කණ්ඩායමට අයත් එම පිරිස අප්‍රේල් මස අගදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එසේ පැමිණෙන තරුණ කණ්ඩායමට ඊශ්‍රායලයේ සමාජ සංස්කෘතික තත්ත්වය හා පැමිණීමෙන් පසු ඇතිවන ගැටළුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව උපදේශන වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ සිදු කර ඇත. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පවත්වා ඇත.

කිසිඳු අතරමදියෙකුට මුදල් නොගෙවා රජයේ අනුමත ගාස්තු පමණක් ගෙවා ඊශ්‍රායලයට පැමිණීමට ඔවුනට හැකියාව ලැබී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු
සුසිල් කුමාරපේලි, කළමනාකරු ලක්ෂිකා වීරරත්න, පරිපාලන නිලධාරි සමන්ත දහනායක ඇතුළු නිලධාරීන් හා ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ උපදේශක නිල්මිණි අබේගුණවර්ධන හා දෙවන ලේකම් නිරෝෂණ සංජිව ද මෙම දැනුවත් කිරීමේ සැසියට එක්වුහ.

One thought on “ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා ලංකාවෙන් 103ක්

Leave a Reply to Sakalawalliarachchige susil Cancel reply

Your email address will not be published. Required fields are marked *